රජ දවස වැව් සීයකට පණ දෙන්න යයි

මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් ඇරැඹූ බව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගෙන ඇත.

මල්වතු ඔය ද්‍රෝනියට අයත් වන අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්ක වල  එල්ලංගා පද්ධති 20කට අයත් වැව් 100ක් මේ යටතේ ප්‍රතිසංවර්ධනය කෙරෙයි.

ඒ අනුව අනුරාධපුර වැවි 37ක්, වව්නියාව වැව් 32ක්, හා මන්නාරම වැව් 31ක් ද වශයෙන් තෝරාගෙන මේ වනවිට එම කටයුතු ආරම්භ කර ඇතැයි කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතා පැවසීය.

මෙම ව්‍යාපාතිය යටතේ එක් වැවක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් එක් කෝටි පනස්පන් ලක්ෂයක් වෙන් කරන අතර ඒ වැව් යටතේ කිලෝමීටර් 1.4ක මාර්ග පද්ධතිය ද නවීකරණය කරන බව අමාත්‍යාංශය පවසයි.

මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 573ක්, වව්නියාව දිස්ත්‍රික්කයට හා මන්නාරම දිස්ත්‍රික්ක වලට එක් දිස්ත්‍රික්කයකට   රුපියල් මිලියන 496ක් බැගින් වැය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *