රජය රට SMART කරන්න දන්නේ නැහැ – සජිත්

වත්මන් රජය රට ‘සුහුරු රටක්’ බවට පත් කරන්නේ ‘සුහුරු පක්ෂයක්’ ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ ‘සුහුරු අධ්‍යාපනයක්  ගොඩනැගීමෙන් බිහිවන සුහුරු ගෝලීය පුරවැසියා’ තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය අපේක්ෂා කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් ක්‍රියාත්මක කර නිවැරදි දැක්මක් ඇති ගමනක්  බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ පමණක් වයි-ෆයි, පරිගණක දෙන බවට සිහින ලෝක මවන දේශපාලන නායකයන් බලයට ලැබුණු පසු මහදවාලේ රාජ්‍ය දේපල සොරා කෑම පමණක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 90 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *