රජයේ මිනින්දෝරුවෝ විරෝධතාවයේ

රජයේ මිනින්දෝරු සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශය වෙත ඊයේ(13) දහවල් පාගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වීය.

රජයේ මැනුම් කටයුතු පෞද්ගලීකරණය කිරීම, මැනුම් සභාවට පෞද්ගලික අංශයේ පුද්ගලයන් පත්කිරීම සහ වර්තමාන ආර්ථිකයට ගැටපෙන ලෙස දීමනා නොලැබීම යන කරුණුවලට මෙහිදී ප්‍රධාන වශයෙන් විරෝධය එල්ල වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *