රජයේ පොහොර සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය ඉදිරියේදී රට සාගතයකට ඇද දමන බවට විපක්ෂ නායක පවසයි

රජය පොහොර සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව හේතුවෙන් ඉදිරියේදී රට සාගතයකට මුහුණ දිය හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති  “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට එක්වෙමිනි.

එම වැඩසටහනට සමගාමීව කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සැලසීම සඳහා රුපියල් 2,365,000  වටිනා රෝහල් උපකරණ පුත්තලම මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම ද අද සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *