ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
වත්මන් විදුලි අර්බුදය විසඳීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, අපනයන වැඩිදියුණු කිරීම වැනි කරුණු මෙම සාකච්ඡාවට ඇතුළත් විය.
නුදුරු අනාගතයේ දී පුනර්ජනනීය බලශක්තියේ අවශ්‍යතාවය ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කර තිබුණි.