රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික නිළි අනුෂා සොනාලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට නිළිය 47 හැවිරිදි වියේ පසු වූවාය.

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් නිළිය මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇය මිය යාමට පෙර කලක සිට අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

1995 වසරේ සරසවි චිත්‍රපට උළෙලේදී හොඳම නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ නිළිය ලෙස ඇය ප්‍රසිද්ධියට පත් වූවාය.

අනූෂා සොනාලි දේශීය සිනමා ක්ෂේත්‍රයට දායක වූයේ විසිදෙල ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක රංගනයෙන් දායක වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *