යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළ යළි ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ නත්තල් සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් ආරක්ෂක සහ රථ වාහන කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මෙහෙයුම් යම් ප්‍රමාණයක අඩුවීමක් පවතින බවය.
එම මෙහෙයුම නවතා දමා නොමැති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ලබාදෙන තොරතුරු අනුව ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මෙහෙයුම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් පදිංචි ස්ථානය වෙනස් කර ජාවාරම්වල නිරත වන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.