යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
එමෙන්ම පාතාලය සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රශ්නය – යුක්තියේ මෙහෙයුම දැන් දිගටම ක්‍රියාත්මක වෙනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා මොන කාලෙක මේක ඉවරවෙයි ද කියලා?
“එය ඉවර වන දවස තමයි මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය ඉවරයි කියලා මේ රටේ මහජනතාවට හැගෙන දවසට තමයි මේක ඉවර කරන්නේ. එතෙක් මේක අපිට කරන්න වෙනවා. මොකද හේතුව භාගෙට ඉවර කරලා මේක නැවැත් වුවහොත් එහෙම මේක තිබූ තැනට ආපසු වැටෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. හොඳ අවබෝධයක් අපිට ඒ ගැන තියෙනවා.”
ප්‍රශ්නය – දැන් හඬපට නිකුත් වෙලා තියෙනවා පොලීසියේ නිලධාරීන් පාතලේ අය සමග කතා කරනවා?
“දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. එවැනි ස්ථානාධිපතිවරයෙකුගේ සේවය අත්හිටුවීමට මම නිර්දේශ කරලා යැව්වා පොලිස් කොමිෂන් සභාවට. ඒක අද හෙට වෙයි. එවගේම තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමගම සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් තවත් හඬපට CID යට යොමු කරලා තියෙනවා පොලිස් විශේෂ විමර්ශන ඒකකයටත්. ඒ අයට විනයානුකූල පියවර මෙන්ම නීතිමය පියවර ගන්නවා.”