යාපනය සරසවි ඇඳුරෝ වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය සියලු දේශයනයන්ට සහභාගී නොවී වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් මෙලෙස දේශන වර්ජනයකට එක්ව සිටිති.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම හා විනයානුකූල පියවර අනුගමනය නොකිරීම මෙම වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වෙයි.

සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩි දුරටත් පැවසීය.

පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය මෙන්ම සිසු සිසුවියන් අසීලාචාර හැසිරීම් හේතුවෙන් සිසුන් 09 දෙනෙකුගේ පන්ති තහනම් වූ අතර ඊට එරෙහිව විශ්‍වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් සරසවිය ඉදිරියේ විරෝධයක නිරත වෙමින් වහම පන්ති තහනම ඉවත් කරන ලෙසට ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *