යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ  යාපනය බන්ධනාගාරයේ  රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 42 ක් වන කේ. පුෂ්පා නැමැති රාමනාදපුරම්, වට්ටකච්චි ප්‍රදේශයෙ පදිංචි  පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබුණි.

යාපනය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි යාපනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුනසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *