අශිෂ්ඨත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ඨත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශිෂ්ඨ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති බෝධිරාජ පදනමේ නිර්මාතෘ,දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි. තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බව කී ජනාධිපතිවරයා ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බව පැවසීය.
මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානා හිමිගේ මුලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද සහභාගී වූහ.