රටපුරා ඉන්ධනහල් ගණනාවක දීර්ඝ පෝලිම යළි ඇතිවී තිබේ. ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අවසන් වීමෙන් වසා දැමීමට ද කටයුතු කර ඇත.
ඊට හේතු වී ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසර රථ හිමියන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයි.
ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව තම ප්‍රවාහන ගාස්තු ඉහල නොදැමීමට විරෝධය පළ කරමිනි.
වෙතත් ඉන්ධන බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විෙජ්සේකර මහතා සඳහන් කරයි. දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය සියයට හතළිහක් දක්වා පුළුල් කිරීමක් කරන බවද හෙතෙම කියා සිටියේය.