යල් පැන්න නීති වලින් ’’උරුමයට’’ බාධා

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇතැම් යල් පැන ගිය නීති රීති හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල  “උරුමය” ජාතික වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බාධා මතුව ඇති බවද අමාත්‍යවරයා කීය.

එම ගැටළු හදුනාගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ ඉලක්කය සපුරාලීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා කියයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කීවෙි  උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල ගැටළු පිළිබඳව සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *