වසර 18ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ තුන් ඉරියව් දක්ෂයෙක් තමා සමුගන්නා බව අද (03) නිවේදනය කළේය.
පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති මාධ්‍ය හමුවකදී මොහොමඩ් හෆීස් ඒ බව නිවේදනය කළේය.
ඔහු මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවෙයි.
හෆීස් 2018 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර 2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර පිටියට සමුදුන්නේය.
ඔහු පසුගියදා පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියට ද එක්විණි.
නමුත් ඔහු පැවසුවේ 20/20 ලීග් තරගාවලි සඳහා සහභාගී වන බවය.