’’මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන්’’

ඇමරිකාවේ ප්‍රතිචාරක  බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති  මොහොතේ රටට  අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා පැවසීය .

එවැනි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ බවද ඔහු සඳහන් කළේය. කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොළඹදී  පැවති මාධ්‍ය හමුවකදීය.

විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට  එවැනි පරණ  මිත්‍රකම් යාළුකම් තිබෙන බව පැවසූ කිරිඇල්ල මහතා එවැනි මිත්‍රකම් යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවද සඳහන් කළේය

මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ලෝකයේ සමහර නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවද  ඔහු සිහිපත් කළේය.

ඇමරිකාවේ  ප්‍රතිචාරක බද්ධ පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණත භාවය හෝ කෘතහස්තභාවය  ඇති කණ්ඩායමක් පත් කරන්නැයි  තමා රජයට යෝජනා කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *