මෙම වර්ෂයේ ඉදිරි කාලයේ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙම වසරේ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළ අතර ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි බව දැනුම් දුන්නේය.
නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත් මෙම වසරේ නැවත වැටුප් වැඩිවීමක් කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා කීය.