පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද වහල මත සූර්ය බල විදුලි සවි කිරීමේ වැඩසටහන යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා විදුලි ඒකක මිලියන 483ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.
මෙම සුවිශේෂී ජාතික කටයුත්ත සඳහා දිවයින පුරා සිටින පාරිභෝගිකයන් සිය සහය ලබාදී ඇති බව ඔහු පැවසීය.
සාම්ප්‍රදායික විදුලිය භාවිත කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ලබා ගනිමින් පාරිභෝගිකයන් ජාතික ක්‍රමයට විදුලිය විකිණීමට යොමුවීම අගය කළ යුතු බව එම ප්‍රකාශකයා පැවසීය.