මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විදුලි ඛිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවද කැබිනට් ප්‍රකාශකවරයා කීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කර්මාන්ත වලටත්, ගෙවල් වලටත්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් මේ මාසයේදීත් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා එහිදී කීය.