මේ කියන හැම මගුලක්ම අහගෙන ඔලුව පාත් කරන්න ඉන්න අපි සූදානම් නෑ

පක්ෂයෙන් වෙන්ව ගිය පුද්ගලයන් ප්‍රකාශ කරනු ලබන සියලු දේ අසා ඔලුව පහත් කරගෙන සිටීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පැවසීය.

මාතර පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මම ​ඊයේ පෙරේදා දැක්කා මීගමුව ප්‍රදේශයේ අපිත් එක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් රාජපක්ෂ පවුල තමයි රට කෑවේ, රනිල් වික්‍රමසිංහ තමයි රට හැදුවේ කියලා. දැන් කප්පම් නඩුවකින් වැරදිකාරයා වුණු දිස්ත්‍රික් නායකයෙක් ඒ පැත්තේ ඉදලා අපිට කියනවා පත් කරන්න ඕනී ජනාධිපතිතුමා කවුද කියලා. මම විශ්වාස කරනවා අපිට වුණත් ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා. මේ කියන හැම මගුලක්ම අහගෙන ඔලුව පාත් කරන්න ඉන්න අපි සූදානම් නෑ කියන පණිඩිය අපි දෙන්න ඕනී. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *