“මේක වෛරක්කාර අයවැයක්” – විපක්ෂ නායක

ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කීවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

“කොටින්ම කියනවා නම් රජය මූල්‍ය අරමුදල කියන පදයට නටන අයි.එම්.එෆ් රූකඩයක් බවට පත් වී තිබෙනවා.

කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කොහොමද?කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට වැඩපිළිවෙළ මොකක්ද?මේ කිසිදේකට වැඩ පිළිවෙළක් හෝ සැලැස්මක් නෑ.

මේ අයි.එම්.එෆ් කියන ඕන දේකට එහෙයි ස්වාමීනී කියන රජයක්.එය ජන වරම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *