මෙරට මුහුදු සීමාවට ආ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

එහිදී අදාළ ඉන්දියානු යාත්‍රා දෙක සමඟ ඉන්දියානුවන් 17 දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉකුත් 29දා නාවික හමුදාව මෙම වැටලීම සිදු කොට තිබුණි. උතුරු නාවික විධානය මගින් මන්නාරමට උතුරු මුහුදු සිමාවේ මෙරට මුහුදු සීමාව තුල මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දියානු යාත්‍රා රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒවා පලවා හරිම සදහා මෙහෙයුමක් දියත් කොට තිබෙයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙයි.

මෙසේ අත්අඩංගුවට ගන්න ලද යාත්‍රා 02ක හා ඉන්දියානුවන් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන එමෙන් අනතුරුව ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කොට තිබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *