මෙරට මුස්ලිම් ප්‍රජාවේ ඉල්ලීම අනුව කොවිඩ් හේතුවෙන් මිය යන සිරුරු භූමදානය කිරීමට මාලදිවයිනෙන් දූපතක් හෝ වෙන් කිරීමට මාලදිවයින රජය ඉදිරිපත් වී ඇත.
මුස්ලිම් සිරුරු ආදාහනය ඔවුන්ගේ ආගමට හා වැදුම් පිදුම් වලට යටත් නොවන නිසාවෙන් මෙලෙස මාලදිවයින රජය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල ප්‍රකාශයක් මගින් සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
මාලදිවයින දූපත් ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් වෛද්‍ය හේමන්ත හේරත්, කෝවිඩ් වින්දිතයින් භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට එම රට මුහුණ නොදෙන බව පැවසීය.
මෙලෙස භූමදානයට වෙන්කරන දූපත පිලිබඳ ක්‍රියාවලියක ප්‍රායෝගිකභාවය පිළිබඳව අධ්‍යයනය කරනු ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය තවද මාලදිවයින දූපත් ගණනාවක් පවතින බැවින් භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට රට මුහුණ නොදෙන බව පැවසීය.