මෙක්සිකෝ බෙක්කේ නම වෙනස් වෙයි

මෙක්සිකෝ බොක්ක “ඇමෙරිකා බොක්ක” ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.

එසේම විධායක නියෝගයට අත්සන් තැබූ පෙබරවාරි 9, ඇමෙරිකානු ගල්ෆ් දිනය ලෙස ජනපති ට්‍රම්ප් නම් කර තිබේ. “ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන නම් ප්‍රතිෂ්ඨාපනය කිරීම” (විධායක නියෝගය 14172) යන මාතෘකාවෙන් යුත් මෙම නියෝගය දින 30 ක් තුළ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්න යැයි එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා ජනපති ට්‍රම්ප් උපදෙස් ලබාදී ඇත.

ඇමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට ගත් තීරණය පැහැදිලි කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙක්සිකෝ බොක්ක ලෙස නම් කර තිබූ කොටස ඈත අතීතයේ සිට ඇමෙරිකාවට මහත් සම්පතක් වූ බවත් එය ඇමෙරිකාව කොටසක් බවත්ය. ඒ හේතුවෙන් ඇමෙරිකාවට අයත් එම කොටස ඇමෙරිකා බොක්ක ලෙස නම් කිරීමට තීරණය කළ ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *