පුද්ගලයන් මිය ගිය විට සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR පරීක්ෂාවක් අනිවාර්යෙන් නොවන බවට සදහන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ PCR පරීක්ෂාවක් අවශ්‍ය වන්නේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි එය සිදු කළ හැකි බවයි.