රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණය බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග නොකරන බවත් උදයංග වීරතුංග,ඩිලාන් පෙරේරා වැනි අය ප්‍රකාශ කර තිබූ බව කී සමන් රත්නප්‍රිය මහතා ඔවුන් එවැනි දේ ප්‍රකාශ කරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීමට බව සඳහන් කළේය.
විවිධ අය විවිධ සිහින වල හිටියාට ඒ සිහින යථාර්ථයක් වන්නේ නැතැයිද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.