ඩොලර් රටින් පිටවීම වැළැක්වීමේ අරමුණින් සහ දේශීය ක ර් මා න්ත ආරක්ෂා කිරීමේ අරමුණින් මෙරටට ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් මාළු ටින් ලක්ෂ 45 කට අධික ප්‍රමාණක් රට තුළට ගෙනවිත් ඇතැයි දේශීය ටින් මාලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන පනහක් පමණ වන බවද ප්‍රනාන්දු මහතා කීවේය.
ටින් මාළු රටින් ගෙන්වීම තහනම් කර තිබියදී මෙතරම් විශාල ප්‍රමාණයක් රේගුව හරහා මෙරටට ගෙන්වා ඇත්තෙක් කෙසේදැයි පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ඩොලර් මිලියන දෙකක ටින් මාළු ගෙන විත් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.