මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් මෙරටට ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන 64ක් පැමිණ ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එදා මේ රටේ ක්‍රියාත්මක වූයේ චෞර රාජ්‍යයක් බව පැවසූ අමාත්‍යවරයා අල්ලස දුෂණය වංචාව නැති හෙයින් විදේශ ආයෝජකයන් බිය සැක නැතුව පැමිණෙමින් සිටින බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.
අද රටට ආයෝජකයන් එනවා. රාජ්‍ය නායකයන් එනවා. ගිවිසුම අත්සන් කරන්න කතා කරනවා. මේක එදා තිබුණේ චෞර රාජ්‍යයක්. ජන අරගලයකින් චෞරයන් සියල්ල සුද්ද කළා. තව අවතාර කිහිපයක් ඉන්නවා.
අද බලන්න අපේ රටට කොච්චර ආයෝජකයන් ඇවිල්ලද කියලා. 2025 මේ කාර්තුවට විතරක් සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා. ව්‍යාපෘති හැට හතරක් . 2023 අවුරුද්දට ආවේ483යි. 2024ට ආවේ 724යි. අවුරුද්දටම ව්‍යාපෘති අනු තුනයි.
චාමර සම්පත් මේ ආණ්ඩුවේ ඔක්කොම ෆේල් කිව්වනේ. ඔන්න පාස් එකක්. අපේ අපනයන වැඩිවෙලා තියෙනවා. ව්‍යවසායකයෝ අද බදු ගෙවනවා. මොකද ඒ අය දන්නවා බදු වංචා වෙන්නේ නෑ කියල.