මුඳල් විශුද්ධි කරණ පනත යටතේ කාන්තාවක් අත්අඩංගුවට

බැංකු ගිණුම් 5ක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ගත් කාන්තාවක් මුදල් විශුද්ධි කරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසර 4ක් පුරා එම ගිණුම්වල රුපියල් කෝටි 600කට අධික මුදලක් සංසරණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය මඟින් ලබාදුන් තොරතුරු මත එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔවුන් බොහෝදෙනෙක් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *