පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතාට අපහාසාත්මක හා අගතිදායක ප්‍රකාශ කර එම ප්‍රකාශ අන්තර්ජාලයේ පළකළේ යැයි කියන එක්සත් ජාතික ස්වයං රැකියාව වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති හා සමගි ජන බලවේයේ හිටපු සාමාජික ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසකට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය නිකුත් කළාය.
මුජීබර් රහුමාන් මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළාය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ප්‍රදීප් චාල්ස් ,youtube නාලිකා හිමිකරුවන් වන නදීෂ අමරනාත්,තුෂාරා සෙව්වන්දී ගූගල් සමාගම හා ෆේස්බුක් සමාගම නම්කොට තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පළමු වග උත්තරකරු ක්‍රියාකාරී දේශපාලනඥයෙකු බවත් ඔහු නිරන්තරයෙන් පැමිණිලිකරු සම්බන්ධයෙන් අපහාසාත්මක හා අගතිදායක තහනම් ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කරමින් සිටින බවය.පළමු වග උත්තර කරුට එරෙහිව පැමිණිලිකරු විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ බවත් එම නඩුවක් මිලදිකරුගේ වාසියට තීන්දු කර ඇති බවත් පැවසීය.
එසේ තිබියදී තවදුරටත් තහනම් ප්‍රකාශ නිකුත් කරමින් සිටින විත්තිකරුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
අදාළ ප්‍රකාශය youtube හරහා අන්තර්ජාලයට උඩුගත කිරීම වළක්වමින් අනෙකුත් වග උත්තරකරුවන්ටද වාරණ නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කොන්දේසි සහිත වාරණාඥාවක් නිකුත් කරමින් වග උත්තරකරුවන්ට ලබන විසි හත දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළාය.