මිහින්තලය සිට ත්‍රිකුණාමලයට නව දුම්රිය මාර්ගයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැය මගින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200ක් වෙන්කර ඇති බවත් මේ තුළින් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රීය සංවර්ධිත නගරය මෙන් ආර්ථික මර්මස්ථාන කේන්ද්‍රීය නගරයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙම දුම්රිය ගමනාගමනය ආරම්භ කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ කීය.

“විදේශීය රටවලින් කොළඹට ආනයනය කෙරෙනවා. භාණ්ඩ දුම්රිය මගින්අනුරාධපුරය හා මිහින්තලය ගබඩා සංකීර්ණ සඳහා ප්‍රවාහනය කොට, උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක දහයකට බෙදා හැරීම හා එම පළාත්වල නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ කොළඹට ගෙන්වා අපනයනය කිරීමේ ප්‍රධාන මර්මස්ථානය බවට මිහින්තලය පරිවර්තනය කිරීම විසල් අනුරාධපුර වැඩසටහනේ අරමුණයි.

එමෙන්ම ගොවි නිෂ්පාදන තොග වශයෙන් හුවමාරු කරන තොග හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමද මෙම සැලැස්මට අයත් වෙනවා.

මේ තුළින් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රීය සංවර්ධිත නගරය මෙන් ආර්ථික මර්මස්ථාන කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කිරීම අපේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *