සමාගම්

මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක්

රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක  භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක්   පෙබරවාරි  13දා  පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

2028  සැප්තැම්බර් 01 දා  කල්පිරෙන සියයට 11.5  “ඒ”  කාණ්ඩයට අයත්  රුපියල්  මිලියන 37,500 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හා  2030 ඔක්තෝම්බර් 15 දා   කල් පිරෙන සියයට 11  “බී” කාණ්ඩයේ  රුපියල්  30,000 ක් වටිනා   භාණ්ඩාගාර බැඳුම්කර  මෙදින නිකුත්  කරන බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ භාණ්ඩාගාර බැඳුම්කර  නිකුතුව  සඳහා  පෙබරවාරි 17  දා   ගෙවීම් සිදුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *