මිලියන 60ක කේරළ ගංජා අත්අඩංගුවට

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසීය සමඟ එක්ව සිදුකල  මෙහෙයුමකදී පේදුරුතුඩුව තුම්පලේ මුක්කම් වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් මිලියන 60 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 350 ක් පමණ (පාර්සල් 154) සහ බෝට්ටුවක්  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *