මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය  සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සනත් නිශාන්ත මහතා  මිය යනතුරුත් ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගෙන සිටි බව කී රාජපක්ෂ මහතා දේශපාලනඥයකුට අමාරුම දේ එය බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *