ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රටේ ආර්ථික අර්බුදය සමග මේ හැම දෙයක්ම කරන්න බැරි බව ඒ අය තේරුම් ගත යුතු යැයි පැවසූ අමාත්‍යවරයා රටේ ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බවද සඳහන් කළේය.
යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර උඩ ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ නිසා මිනිසුන් පීඩාවට පත්වන බවත් දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු දුම්රියෙන් වැටීමිය ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒ මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු බවද ඔහු සඳහන් කළේය.