ලබන මැයි මාසය වන විට රටටත් ජනතාවටත් විශාල යහපතක් සිදුවෙන සුවිශාල පෙරළියක් මෙරට සිදුවෙනු ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
විශේෂයෙන් මේ පෙරළියෙන් රටට ඉතාමත් හොඳ කාලයක් උදාවෙනු ඇතැයි අමරවීර මහතා කීය.
පසුගියදා (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය. පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දක්වන්නේ නම් ඒ සඳහා එය තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මඟින් බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මැයි, ජුනි මාසවල සිදුවන පෙරළිය මඟින් මේ රටේ ඉදිරි අනාගතය කුමක්දැයි ජනතාවට වැටහෙනු ඇති බවත් මේ තුළින් ජනතාවට විශාල සහන රැසක් හිමිවනු ඇතැයි යන්න තම විශ්වාසය බවත් ඇමැතිවරයා කීය.