මැයි, ජුනි මාසවල සේවයට වාර්තා නොකළ සේවකයින් සඳහා විශේෂ නිවාඩු

ගංවතුර, නාය යෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් පසුගිය මැයි සහ ජුනි මාසයේ සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රජයේ සේවකයන්ට විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඉහත හේතූන් මත කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ට මෙම නිවාඩු හිමිවේ.

ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරවීම් හේතුවෙන් තම පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය දක්වා වූ පොදු ප්‍රවාහන සේවා අඩාල වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් නිවාඩු පහසුකම හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *