මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ.

බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර තිබේ.

මේ අතර මැදින් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් එෆ්.එම් දෙරණ අසපුව 112 වෙනි පෝදා වැඩසටහන දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *