මැදගම ප්‍රා ස සභාපති ධූරය කුසපත් ඇදීමෙන් මාලිමාවට

මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත්කර ගැනීම (13) වෙනිදා මැදගම ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක,මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් ප්‍රසන්න ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එහිදා ඡන්ද 08 බැගින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සහ සමඟි ජන බලවේගයේ අපේක්ෂකයා ලබාගත් අතර දෙදෙනාම සමානව ඡන්ද ලබාගැනීම නිසා කුසපත් අදින ලද අතර ඒ අනුව ජාතික ජන බලවේගයේ ආර්.එම් අජිත්  ප්‍රියන්ත රත්නායක මහතා සභාපති ධූරයට පත්විය.

සර්ව ජන බලයේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. උප සභාපති ධූරයට රංජිත් පියදිගම මහතා එක් වැඩි ඡන්දයකින් තේරීපත්විය.

මැදගම ප්‍රාදේශීය සභාවට පත්වූ සභිකයින් සංඛ්‍යා මෙසේය, ජාතික ජන බලවේගය 08,සමඟි ජන බලවේගය 04,ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන 02,සර්ව ජනබලය 01,එක්සත් ජාතික පක්ෂය 01,පොදුජන එක්සත් පෙරමුණ 01.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *