මැති සබයේ දියර කිරි හිග වීමෙන් කථානායකට පැමිණිලි…

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක් හිගවීම හේතුවෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එහි නිලධාරීන්ට චෝදනා කරමින් නොසන්සුන් ලෙස හැසිරී ඇති බවට වාර්තා වූ පුවත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදහස් පල කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඒ සම්බන්ධයෙන් පළමුව කථානායකවරයාගේ අවධානයට යොමු කළ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ද යොමු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර කථානායකවරයා ද එහිදී සිය ස්ථාවරය ඉදිරිපත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *