පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක් විකුණා රුපියල් අට කෝටි විසි නව ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන ඇත.
රජයේ තක්සේරුව රුපියල් කෝටි පහක්වූ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් (TOYOTA LANDCRUISER V8) ලියාපදිංචි අංක CAW–5555 මෝටර් රථය රුපියල් 58,756,000 කටද රජයේ තක්සේරුව කෝටි දෙකක්වූ මිට්ෂුබිසි මොන්ටෙරෝ (MITSUBISHI MONTERO) ලියාපදිංචි අංක CAM–1998 මෝටර් රථය රුපියල් 24,164,238 කටද මෙසේ විකිණූ බව සභානායක කාර්යාලය පවසයි.
සභානායක කාර්යාලය ටෙන්ඩර් කැදවා මෙම වාහන දෙක විකුණා ඇත්තේ රාජ්‍ය ආයතනවල විශාල වැය බරක් සහිත සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගත වෙමිනි.
මේ අතර පාර්ලිමේන්තුවේ සුඛෝපභෝගි වාහන තවත් ගණනාවක් පවතින අතර ඒවාද ඉදිරියේදී වෙන්දේසි කිරීමට කටයුතු කෙරෙනු ඇත.