මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්

පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාවක්ද  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *