මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා රාජකාරි භාරගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ.

1. ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති
2. එම්. ඒ. පී. සී. පොරේරා මහතා – සාමාජික
3. අමීර් මොහොමඩ් ෆායිස් මහතා – සාමාජික
4. අනුසුයා ෂන්මුගනාදන් මෙනෙවිය – සාමාජික
5. ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක – සාමාජික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *