ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් ද, එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මතය ද, නොඑසේ නම් රංගේ බණ්ඩාර මහතාගේ පෞද්ගලික මතය දැයි නොදන්නා නමුත් එම ප්‍රකාශය මගින් කෙරෙන යෝජනාව හෙලා දකින බවද එක්සත් ජනරජ පෙරමුණ සඳහන් කරයි.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද එක්සත් ජනරජ පෙරමුණ පවසයි.