මාවෙයිගේ අවසන් කටයුතු 2 වැනිදා

අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා යාපනය මාවිට්ටපුරම්හි පිහිටි ඒ මහතාගේ නිවසේදී තැන්පත් කර ඇත.

ඒ මහතා අවසන් මරණ පරික්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙතට  භාර දීමෙන් පසුව මෙලෙස නිවස වෙතට රැගෙන යාම සිදු කෙරිණි.

මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය නිවසට රැගෙන ඒමෙන් අනතුරුව දෙමළ ජතික සන්ධානයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් විසින් එම පක්ෂයේ කොඩිය ද දේහය ආවරණය කර අවසන් ගෞරව දැක්වීම සිදුකරන ලදි.

1942 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා උපත ලැබූ මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 වියේ පසු වූ අතර නිවසේදී වැටීමෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 29 රාත්‍රී 10.00 ට පමණ අභාවප්‍රාප්ත විය.

මේ අතර මාවෙයි සේනාධිරාජා මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳව පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇත්තේ ඒලඹෙන 02 වනදා වන ඉරිදා දිනයේදී සිදුකිරීමට සූදානමින් සිටින බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *