මාලිමාව චෝදනාවලින් ගලවා ගන්න දිලිත් ගත් තීරණය

හොරු සමඟ ,නයි පෙන්වූ අය සමඟ එකතු වුනා යැයි මාලිමාවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි නිසා පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට සහාය නොදී සිටීමට තම පක්ෂය තීරණය කළ බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා (සර්වජන බලය) පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පැවසීය.

පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා එක්වන ලෙස වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී තමාට ආරාධනාවක් කර තිබූ බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර දීම සඳහා එම යෝජනාවට එකඟ නොවී සිටීමට තීරණය කළ බවද කීය.

“ආණ්ඩුව සමඟ එක්ව පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම වගේ වැඩ වලට සම්බන්ධ නොවී ඉන්න අපට සිදුවෙනවා.ඒ ඔබතුමාලගේ පක්ෂයේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහායි. නැත්නම් ඒක එන්.පී.පී එකට හොඳ නෑ. හොරු සමග එකතුවෙලා, නයි පෙන්නපු අය සමග එකතුවෙලා කියලා ඔබ පක්ෂයට චෝදනාවක් එන්න පුළුවන්” යනුවෙන්ද දිලිත් ජයවීර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *