මාලිගාකන්දේ ලේඛණයක් කුරුටු ගෑම ගැන සොයන්න CIDයට

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සෙවීමේ විමර්ශන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට  බාර දුන්නාය.

මෙය ඉතාම සංකීර්ණ විමර්ශනයක් වන හෙයින් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව බාර අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බව පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්ණගත ‘මෝෂන් පොත’ ඇතුළු විමර්ශන වලට අවශ්‍ය විය හැකි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණ මුද්‍රා කර සේප්පුවේ තැබීමටද නියම කළාය.

යුක්තිය පසිඳලීමේදී යම් අකටයුත්තක් වී ඇද්ද? යන්න සොයා බැලිය යුතු බවත් සිද්ධියේ සැකකරුවන්ට වුනත් අගතියක් නොවන ආකාරයෙන් විමර්ශණ සිදුවිය යුතු බවත් විමර්ශන කටයුතු රහස් පොලිසියට බාර දෙමින් මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළාය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් අදාළ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *