මාලදිවයින මේ වන විට ඩොලර් අර්බුදයකට ලක්ව ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකාවෙන් ණය ඉල්ලා ඇති බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ආණ්ඩුව නියෝජනය කරන ව්‍යාපාරිකයන් මාලදිවයිනේ පවතින ඩොලර් අර්බුදය පිළිබඳව දන්නා බවත් ඔහු පැවැසීය.
මාලදිවයිනේ පවතින අර්බුදය හේතුවෙන් මාලදිවයිනේ සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට මුදල් එවීමට නොහැකි වී ඇති බවත් ඔහු පැවැසීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 267ම බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත් ඔහු පැවැසීය.