“මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා” – ජනමාධ්‍ය අමාත්‍ය

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  අතර පැවති සාකච්ඡාවකදී වෘත්තිය සමිති කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව කීය.

ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර නිකුත් කිරීම් කරන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *