මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති

මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6දෙනෙකු මියගොස්  ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිවි දෙනකු  මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි .

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස  හදිසි අනතුරකට ලක්විණි.

විසිරයාමේ උත්සවයද  මේවන විට තාවකාලිකව නවත්වා දමා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *