මාතරින් දේශබන්දුට දුන් නියෝගය

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් බැවින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්නැයි දන්වමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා ඔහුගේ රියදුරු මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

අධිකරණය යනු මහජනතාවගේ බලයෙන් පිහිටුවනු ලැබු ආයතනයක් බව ද කවුරුන් හෝ ඊට අභියෝග කරන්නේ නම් එය මහජන බලයට හා මහජන විශ්වාසය පළුදු කරන්නක් බව ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේය.

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරීපිට සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරවකු ජීවිතක්ෂයට පත්වු අතර ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ පොලීස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින 21 ක් රිමාන්ඩ් භාරයේ තබා ඉකුත් 10 වැනි දින ඇප ලබා දුන්නේය.

එහීදී ඔහු ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණ භූමියේ සිට මෝටර් රථයක නැගී යාම හේතුවෙන් අධිකරණ නියෝග කඩ කර අධිකරණයට අපහාස කොට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කලේය.

එහිදී සැකකාර දේශබන්ධු තෙන්නකෝන් මහතාට හා ඔහුගේ මෝටර් රථයේ රියදුරුට අද  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසී නිකුත් කෙරීණි.

ඒ අනුව දේශබන්ධු තෙනානකෝන් මහතා හා රියදුරු වන රොෂාන් ලක්ෂිත කරුණාරත්න යන අය අද උදෑසන 9.00 ට පමණ මාතර අධීකරණය ඉදිරිපිටට මෝටර් රථයෙන් පැමිණ ශරීර පරික්ෂාව සිදු කර සාමාන්‍ය පරිදි ඇතුළු වී අධිකරණ ශාලාවේ බංකුවක සවස 2.15 පමණ වන තෙක් අසුන් ගෙන සිටියේය.

ඉන් පසුව පැමිණිල්ල වෙනුවෙන් කරූණු ඉදිරිපත් කිරීමට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමීණී අතර නඩුව කැදවු අවස්ථාවේ දී මෙසේ කීය.

“පසුගිය 10 වැනිදා ඔබතුමා මෙම අධිකරණයේ දී ඇප සම්බන්ධව නියෝගයක් නිකුත් කළා.ඒ වෙලාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අද ඇවිත් නැහැ. ඔහු එදින මෙම ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් එලියට යද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටියා. ඒ වගේම වාහනයක් ගෙනල්ලා යන්න ඉල්ලුවා.එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔබතුමා නියෝගයක් ලබා දුන්නා.ඒ නියෝගය ලියපු පෑනේ තීන්ත වේලෙන්න කලින් මේ සැකකරුවන් ඒ නියෝගය උල්ලංඝනය කලා.

මම එදා ඔබ තුමා ඉදිරියේ ප්‍රකාශ කළ මෙම සිද්ධියේ ප්‍රකාශයක් දුන් මේ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ආරක්ෂාවක් ඉල්ලා සිටින බව. එම නිසා මෙම ප්‍රධාන සැකකරු සිටිය යුත්තේ සමාජ ගත කර නොව රිමාන්ඩ් භාරයේ බව මම ප්‍රකාශ කළා.කෙසේ වෙතත් ඔහුට ඇප හිමි වුණා.ඒ ඇප නියෝගය ප්‍රතිශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *